මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල පිටි 250g,
- පාන්පිටි 100g,
- ලුණු තේ හැදි 1/2,
- මිරිස් කුඩු තේ හැදි 1-1/2,
- මද රස්නෙ වතුර අඩු කෝප්ප 1/2,
- පොල්තෙල්,
- සුදුරු ඇට කිහිපයක්
සාදන ක්‍රමය
- භාජනයකට කඩල පිටි,පාන් පිටි,ලුණු,මිරිස් කුඩු සුදුරු දමා මිශ්‍ර කරන්න.
- එම මිශ්‍රණයට වතුර ටික ටික දමා ඩෝ (Dough) එකක් සාදා ගන්න.(ඉදි ආප්ප මිශ්‍රණයේ පදමට)
- ඉන්පසු මුරුක්කු වං ගෙඩියක් හෝ ඉදි ආප්ප වංගෙඩියට මුරුක්කු අච්චුව සවි කර හෝ එසේත් නැතිනම් ඉදි ආප්ප වංගෙඩියට සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් දමන්න.
- දැන් තෙල් තාච්චියක් ලිප තබා මද ගින්නේ තෙල් රත් වූ පසු මුරුක්කු වංගෙඩියෙන් තෙලට රවුම් ආකාරයට වක් කරන්න.
- ලා පැහැයට බැදී ගෙන එන විට මුරුක්කු තාච්චියෙන් ඉවත් කර තෙල් බේරෙන්න හරින්න. පිළිගන්වන්න.
- වැඩි මුරුක්කු සුලං නොවදින සේ අසුරන්න.
