28.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

පෆ් ඩෝ එකට

  • පාන් පිටි ග්‍රෑම් 250
  • ලුණු කුඩු තේහැදි 1/2
  • බටර්/මාගරින් මේසහැදි 2
  • කූල් වතුර කෝප්ප1/2
  • බේකින් පවුඩර් තේහැදි 1 1/2

කරි එකට

  • අල
  • මාලු/සැමන්/සොසෙජස් 
  • බී ළූණු
  • කරපිංචා 
  • සුදු ළූණු 
  • ගම්මිරිස් කුඩු 
  • ලුණු කුඩු 
  • කෑලි මිරිස් 
  • දෙහි බිංදු 4-5

සාදන ක්‍රමය

  1. මුලින්ම අල ටිකයි මාලු දානවනම් ඒවයි තැම්බෙන්න තියලා ඩෝ එක අනාගෙන ඉමු.
  2. පිටි වලට ලුණු කුඩු ,බටර් (කාමර උෂ්ණත්වයේ දියවුණු) දමා හොඳින් කවලම් කරගෙන කූල් වතුර ටික ටික දාන ගමන් ගුලියක් විදියට අනාගන්න..විනාඩි 2-3ක් පමණ නීඩ් කරලා පැය 1/2ක් වහලා තියන්න.
  1. දැන් අපි කරි එක හදමු..තැම්බූ අල,මාලු හෝ සැමන් එකට පොඩිකරගන්න.
  1. බී ළූණු ,කරපිංචා, සුදු ළූණු තෙම්පරාදු කරලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ගම්මිරිස් කුඩු සහ කෑලි මිරිස් දමා කවලම් කර අල මාලු මිශ්‍රණය දමා කවලම් කර ලිපෙන් ඉවත්කර දෙහි බිංදු 4-5 ක් දමා කවලම් කරන්න.
  2. දැන් ඩෝ එක අරගෙන ටිකක් අත්ගහලා තුනී කරලා අගල් 2.5*4 සයිස් එකට කොටු කපාගන්න.
  1. ඒවායෙන් එකකට කරි එක තියලා තවත් කොටුවකින් කවර් කරන්න..ගෑරැප්පුවක් අරගෙන වටේට තද කරලා සීල් කරගන්න.
  2. දැන් මේ හදපු මැක් පෆ් ටික පැය 1/2ක් විතර ෆ්‍රිජ් එකේ තියලා අරගෙන හොඳින් රත් වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න.
  1. මේකට ඔයාලට දාන්න පුලුවන් ඕනෙනම් අල කොටු කපලා තම්බලා,මොසරැල්ලා චීස්,කැමති එලවලු වගේ දේවල් ඒකෙ වෙනමම රසක් තියෙන්නෙ.
  1. බේක් කරනවනම් සෙල්සියස් අංශක 180 පැය භාගයක් වගේ බේක් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!