මාළු සඳහා මිරිස් කුඩු මිශ්‍රණය

අවශ්‍ය ද්‍රව්‍ය
වියළි මිරිස් ග්‍රෑම් 500 ක්,
සූදුරු ග්‍රෑම් 100 ක් ,
කොත්තමල්ලි ග්‍රෑම් 100 ක් ,
ගම්මිරිස් ඇට ග්‍රෑම් 50 ක්,
කුඩා වියළි කහ කැබලි 3 ක්,
කුරුදු පොතු 3 ක්,
මාදුරු මේස හැඳි 2 ක්
සාදන ක්‍රමය
- කරපිංචා සෝදා වේලා ගන්න.
- වියලි මිරිස් සෝදා වේලා නැති කඩන්න.
- එය රතු කබලකට දමා යන්තමට බැදගන්න.(කුඩු කරගන්න හැකි වන තරමට)
- මීළඟට මිරිස් ටික කබලෙන් ඉවත්කර කොත්තමල්ලි සූදුරු මාදුරු බදින්න.
- දැන් සියලුම දේවල් එකට දමා හොඳින් බ්ලෙන්ඩර් එකේ කුඩු කරගන්න .
- මේ මිරිස් කුඩු මිශ්‍රණය කිරට මාළු සකස් කිරීමේදී ත් යෙදිය හැක.
