මාළු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය
- තලපත් මාළු 500g,
- ලොකු ළුණු 50g,
- තක්කලි ගෙඩි 02,
- මාළු මිරිස් කරල් 06,
- අමුමිරිස් කරල් 04,
- කැලී මිරිස් තේ හැදී 04 පමණ ,
- ගම්මිරිස් කුඩු තේ හැදී 1/2,
- දෙහි ගෙඩි 01,
- සුදුළුණු (සිහින්ව කපා ගන්න ලද ) තේ හැදී 01,
- ඉගුරු (සිහින්ව කපා ගන්න ලද ) තේ හැදී 1/2,
- කරපිංචා ස්වල්පයක් ,
- පදමට ලුණු,
- සොයා සෝස් තේ හැදී 04,
- තක්කාලි සෝස් මේස හැදී 03,
- සුප් කැට 01,
- සිනි තේ හැදී 1/2,
- එළවළු තෙල් 1/2 ,
- වතුර ස්වල්පයක්
සාදන ක්‍රමය
- පළමුව සෝදා පිරිසිදු කරගත් මාළු කැබලි වලට කපා ගන්න. ඉන් අතුරුව එයට දෙහියුෂ, ලුණු , සහ ගම්මිරිස් කුඩු එකතු කර අත ගා (සීසන් කරගන්න ) විනාඩි 15 පමණ තබන්න .ඉන්පසු , ලොකු ළුණු ,මාළු මිරිස්, තක්කාලි ,ඩෙවල් හැඩයට කපා ගන්න .(මෙය ඔබ කැමති ආකාරයකට උනත් කපා ගත හැක .)
- අනතුරුව පිරිසිදු භජනයක් ලිප තබා , එය රත්වූ පසු එයට තෙල් දමා තෙල් රත්වූ පසු මාළු කැබලි තෙලට දමා හොදින් බැද ගන්න.
- ඉන් පසු පිරිසිදු භජනයක් ලිප තබා , එය රත්වූ පසු එයට තෙල් ස්වල්පයක් දමා රත්වූ පසු , කපා ගන්න ලද සුදුළුණු , ඉගුරු , එකතුකර , රන් පැහැය වූ පසු එයට කරපිංචා, සහ ලොකු ළුණු,මාළුමිරිස් එකතු කරමින් මද වෙලාවක් පිස ගන්න.
- අනතුරුව , එයට කැලි මිරිස්, සහ සොයා සෝස් ස්වලපයක් මිශ්‍ර කර ,බැදගත් මාළු කැබලිද එයට එකතු කර ලිපේ ගින්දර මදක් අඩුකර ,එයට තක්කාලිසෝස්, සිනි . සහ අනිකුත් රස කාරක මිශ්‍ර කර ,විනාඩියකින් පමණ වතුර ප්‍රමානවත් පරිදි එකතු කර ලිපෙන් ඉවතට කර ගැනීමට පෙර ඩෙවල් හැඩයට කපා ගත් තක්කාලි කැබලි එකතු කර හැකි විගස ලිපෙන් බාගන්න .
- අනතුරුව සදා ගත් මාළු ඩෙවල් සුදුසු භාජනයකට දමා කැම මේසයට යවන්න.
