මසාලා චායි

අවශ්‍ය ද්‍රව්‍ය
- දියර කිරි කෝප්ප එකක්
- ටින්කිරි තේහැඳි 02
- වතුර කෝප්පයක්
- සීනී තේහැඳි 04
- හොඳම වර්ගයේ තේ කොළ තේහැඳි 03
- (මේකට ටිකක් හොඳට කහට ගතිය ඕන)
- සිහින්ව තලාගත් ඉඟුරු තේහැඳි 01
- තරමක් තලාගත් කරඳ මුංගු කරල් 03
සාදන ක්‍රමය
- කිරි උණු කිරීම සඳහා ගත් සාස්පානට වතුර කෝප්ප එකක් දාලා ඒක උණු කරගන්න.ඒ විදියට වතුර රත් වේගෙන එද්දී ඒකට කිරි කෝප්පය එකතු කරන්න.කිරි ටික රත්වෙන්න දෙන්න.හැබයි උතුරවන්න එපා.
- දැන උණුසුම් වෙන කිරි එකට ඉඟුරු සහ කරඳ මුංගු එකතු කරන්න.හොඳින් මිශ්‍ර කරන්න.කිරි ටික උතුරවන්න.කිරි හොදින් උතුරන විට ලිපේ දැල්ල අඩු කරන්න.දැන් එයට තේ කොළ ටික දාලා තැම්බෙන්න දෙන්න.ලිපේ දැල්ල වැඩි කරන්න එපා.
- තේ කොළ තැම්බුනාට පස්සෙ අයේ ලිපේ දැල්ල වැඩි කරන්න.
- කිරි එක උතුරගෙන එනකොට දැල්ල නැවතත් අඩු කරන්න.මේ විදියට දෙපාරක් තුන් පාරක් කරන්න.එතකොට තේ මසාලා හොඳට හැදෙනවා .
- දැන් ලිපෙන් බාගෙන පෙරාගන්න.
- මේසේ පෙරාගත්තාට පසු ටින්කිරි තේහැඳි දෙක සහ සීනි එකතු කර හොදින් කලවම් කර පිළිගන්වන්න.
