මස් ෆතායර්

අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කෝප්ප 3 1/2ක්,
- කිරි මේස හැඳි 1ක්,
- සීනි මේස හැඳි 1 1/2ක්,
- යීස්ට් තේ හැඳි 1/2ක්,
- ලුණු තේ හැඳි 1/2ක්,
- වතුර කෝප්ප 1 1/2ක්,
පිරවීමට ,
- අඹරාගත් මස් කෝප්ප 3 ,
- ලියා ගත් තක්කාලි කෝප්ප 1,
- ලියාගත් ළූණු කෝප්ප 1/2,
- ඔලිව්තෙල්කෝප්ප 1/4 ලියාගත් පාස්ලි මේස හැඳි 1/2 ,
- දෙහි යුෂ මේස හැඳි 3,
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ,
- ලුණු තේ හැඳි 1/2ක්,
- කුරුදු කුඩු තේ හැඳි 1/2ක්,
- තක්කාලිපේස්ට්මේසහැඳි 1
සාදන ක්‍රමය
- පිටි,කිරි , යීස්ට් හා ලුණු මිශ්‍ර කරන්න.වතුර හා තෙල් සමග හොඳින් අනා ගන්න ඉන්පසු ප්‍රමාණය දෙගුණ වන තුරු වසා තබන්න. එය කුඩා බෝල හැඩයට සාදා ගන්න.
- පිරවුම සාදා ගෙන කුඩා පිටි බෝල තූනී කර, හතරැස් හැඩයට කපා එකකට එක මේස හැන්දක් බැගින් පුරවා , කොන් වලින නවා බෝට්ටුවක් ආකාරයකට සකසා ගන්න.
- ඉන්පසු තෙල් තැවරූ තැටියකට 200° උණුසුම්න් විනාඩි 15ක් බේක් කරන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
