මස්කට්

අවශ්‍ය ද්‍රවය
- කෝන් පිටි කෝප්ප 1/2 ක් ,
- වතුර කෝප්ප 2 ක් ,
- සීනි කෝප්ප 1 1/4 ක් ,
- ආහාර වර්ණක ,
- කජු හෝ ආමන්ඩ් ,
- දෙහි යුෂ මේස හැදි 1 ක් ,
- ගිතෙල් මේස හැදි 2 ක්
සාදන ක්‍රමය
- කෝන් පිටි වතුර කෝප්පයක් දමා දිය කරගන්න. භාජනයක් ලිප මත තබා සීනි සහ වතුර කෝප්පයක් දමා සීනි දිය කරගන්න. ඉන් පසු කෝන් පිටි එකතු කරගන්න.
- මෙහිදී ලිප අඩු ගින්දරේ තබා ගැනීම සහ දිගින් දිගටම කලවම් කිරීම වැදගත්. මිශ්‍රණය උකු වන විට, ගිතෙල් එකතු කරන්න.ඉන් පසු කජු සහ දෙහි යුශ එකතු කරගන්න.
- විනාඩි 5ට පමන පසු වෙනත් භාජනයකට දමා ශීතකරණයේ පැයක් පමණ තබා සිසිල් කල ගත් පසු රස විදින්න.
