බීට් එග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් තම්බාගත් බිත්තර 4,
- චීස් වෙජස් 2,
- ගම්මිරිස් කුඩු,
- ලුණු කුඩු,
- චොප් කරගත් ළූණු,
- චොප් කරගත් පාස්ලි කොළ,
- පොඩි රතු අල ගෙඩියක්
සාදන ක්‍රමය
- බීට් ගෙඩිය පොඩි කෑලි වලට කපාගෙන බඳුනකට දමා, එයට වතුර එක් කර උතුරුවා ලිප නිවා ගන්න. තම්බා ගත් බිත්තර වල කටු ඉවත් කරගන්න. බීට් තම්බාගත් වතුරට බිත්තර එක් කර විනාඩි 10ක් තියාගන්න.
- බිත්තර ඉවතට ගෙන අයිස් වතුරෙන් සෝදා දෙකට පලාගන්න. සුදු මදය කැඩෙන්නෙ නැති වෙන්න පරිස්සමින් කහ මදය ඉවත් කරගන්න.
- වෙනම භාජනේකට කහමද, චීස්, ලුණු, ගම්මිරිස්, ළූණු සහ පාස්ලි කොළ එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
- පයිපින් බෑග් එකකට සාදාගත් මිශ්‍රණය දමාගෙන බිත්තර සුදු මද වලට පුරවා ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
