බිලිං සම්බෝලයක්

අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩා බිලිං ගෙඩි 50,
- උම්බලකඩ කුඩු මේස හැඳි 01,
- කහ ස්වල්පයක්,
- ලියූ අමු ඉඟුරු පෙති 02,
- රම්පෙ,
- කරපිංචා,
- කෑලි මිරිස් අවශ්‍ය පමණට,
- කපාගත් රතු ළුනු අහුරක්,
- ලියූ සුදු ළුනු බික් 03,
- කුරුඳු කැබැල්ලක්,
- සේර කැබල්ලක් (අවශ්‍යම නැත),
- පොල්තෙල් මේස හැඳි 04,
- ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය
- හොඳින් සෝදා ගත් බිලිං පෙති කපාගන්න එය ලුණු මිශ්‍ර වතුරේ පැය ½ ක් පමණ තිබෙන්නට හරින්න. ඉන් පසු හොඳින් දිය මිරිකා හැර, අනෙක් ද්‍රව්‍ය සමඟ කලවම් කරන්න.
- අවසානයේ පොල්තෙල් ටික භාජනයකට දමා රත් කර, බිලිං මිශ්‍රණය එහි දමා විනාඩි කිහිපයක් බැද ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
