බටර්ස්කොච් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කප් 3 ක්,
- කෝන්පිටි කප් 1/2 ක්,
- බටර් කප් 1/3 ක්,
- බිත්තර 1 ක්,
- බිත්තර කහමද 1 ක්,
- දුඹුරු සීනි කප් 1 ක්,
- වැනිලා තේහැදි 1 ක්,
- කජු ( අවශ්‍ය නම් පමණක් ),
- චොකලට් ස්ප්‍රින්කල්ස්
සාදන ක්‍රමය
- මුලින්ම බෝල් එකක් ගෙන එයට කෝන් පිටි දමා පසුව කිරි ටිකෙන් ටික එක්කර මින් හොඳින් කළවම් කරන්න. පසුව එයට බිත්තරය හා බිත්තර කහමදය එක්කර හොඳින් කළවම් කරන්න.
- දැන් භාජනයක් ලිප තබා එයට සීනි දමා සීනි කැරමල් කරගන්න. සීනි ටික කැරමල් වූ විගස එයට බටර් ටික එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
- දැන් සාදාගත් කිරි මිශ්‍රණ එක්කර වික්ස් එකකින් හොඳින් කළවම් කරමින් ඉතා තික් ක්‍රීම් එකක් වෙනතෙක් පිසගන්න.
- පසුව පෙරා ගන්න. දැන් ඔබ කැමති විදිහේ කප් හෝ බෝල් වලට දමා ඔබ කැමති නම් එයට උඩින් ඩෙකරේට් කිරීමට කපාගත් කජු කැබලි හා චොකලට් ප්රින්කල්ස් දමා ඩෙකරේට් කර පොළිතින් රැප් එකකින් රැප් කොට පැයක් දෙකක් පමණ ශීතකරණයේ තබා ආහාරයට ගන්න.
