පොළොස් කට්ලට්

May 24, 2023by iwumphihum_ad0
82.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොළොස් 500g,
  • අරතාපල් 200g,
  • රතු ළුණු   ගෙඩි 10  (සිහින්ව  කපා ගන්න ලද ),
  • කැලි මිරිස්‌ මේස හැදී 02,
  • මිරිස් කුඩු මේස හැදී 1/2,
  • ගම්මිරිස් කුඩු තේ හැදී 1,
  • අමුමිරිස්‌ කරල් 04,
  • උම්බලකඩ  කුඩු මේස හැදී 02,
  • එනසල් කරල්  02
  • සුදුළුණු  බික් 02 (සිහින්ව කපා ගන්න ලද ),
  • කරපිංචා  ස්වලපයක්  සහ ලුණු,
  • කහ කුඩු  ,
  • පාන්පිටි  250g,
  • බිස්කට්  කුඩු 200g
  • බැදගැනීමට  අවශ්‍ය  තෙල් 

සාදන ක්‍රමය

  • ප්‍රථමයෙන්  කටු ඉවත් කර පොළොස්  කැබලි වලට කපා මැටි වළදක්  ගෙන එයට ගොරකා  ඉති 02/03 දමා ප්‍රමාණවත්  පරිදි වතුරද  ලුණුද දමා  හොදින් තම්බගන්නඅනතුරුව   අර්තාපල් ද  හොදින් තම්බගන්න.
  • අනතුරුවතම්බාගත්පොළොස්  සහ අර්තාපල් වෙන වෙනම  පොඩි කර ගන්න , ඉන්පසු  භාජනයක්  ලිප තබා  එයට තෙල්  ස්වලපයක්  දමා රත්වූ  පසු  එයට සකසා ගත්  සුදුලුනු, රතුළුණු ,කරපිංචා, දමා තෙම්පරාඩුකර ගන්න.
  • අනතුරුව  එයට  උම්බලකඩ කුඩු ද එකතු කර විනාඩියකට පසු  සකසා ගත් පොළොස්  සහ අර්තාපල් එකතු කර  හොදින්  කලවන් කර ටික වෙලාවකට පසු එයට මිරිස් කුඩු,කැලි, සහ ගම්මිරිස් කුඩු දමා රස පරිදි ලුණුද එකතු කර ලිපෙන් බාගන්න.
  • අනතුරුව ප්ලාස්ටික්  භාජනයක් ගෙන එය වතුර එකතු කර පාන්පිටි  එය එකතු කර  කහ කුඩු ස්වලපයක් දමා හොදින් මිශ්‍ර කර බැටරයක් සදා ගන්න.  ඉනන්තුරුව  ඔබ සකසා ගත් පොළොස් මිශ්‍රනය  අතින් පොඩි රවුම් ගුලි සේ සකසා ගන්න දැන් ඔබ එය  බැටර්එකේ  දමා  බිස්කට්කුඩු  තවරා ගන්න. අනතුරුව  භාජනයක් ලිප තබා රත්වූ පසු තෙල් දමා  තෙල් රත්වූ පසු සදා ගත් පොළොස් කට්ලට්  එයට දමා හොදින් රන්පැහැය වනතුරු  බැදගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!