පරිප්පු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය
- තෝරාගත් පරිප්පු ග්‍රෑම් 200ක්,
- ළූනු ග්‍රෑම් 30ක්,
- මිනිස් කුඩු ස්වල්පයක් ,
- අමු මිරිස් කරල් 3ක් ,
- කරපිංචා ඉත්තක්,
- දුරු ස්වල්පයක් ,
- ලුණු ස්වල්පයක් ,
- අවශ්‍ය නම් උම්බලකඩ කුඩු ග්‍රෑම් 10ක්
සාදන ක්‍රමය
- පරිප්පු පෙගෙන්නට දමන්න.මෙහිදී තෝර පරිප්පු තෝරාගත්තත් ඔබට කැමති වර්ගයකින් සාදා ගන්නට පුළුවන.
- ලූනු, අමු මිරිස්, කරපිංචා සිහින්ව ලියාගන්න ලියා ගන්න.පරිප්පු පෙගුණු පසු ජලය වත්කර අනෙකුත් ද්‍රව්‍ය සියල්ල දමා අඹරා ගන්න.
- අඹරාගන්න නැත්නම් කොටා ගන්න. සම්පූර්ණයෙන් පිටි මෙන් වන ලෙස නොව බාගෙට කොටා ගන්න. එය ගුලි ගැසීමට හැකි පමණට තිබිය යුතුය.
- ලුණු රස බලන්න .දැන් තෙල් රත්වෙන්නට තබා ගුලි සාදා ගෙන අඩු ගින්දරේ බැදගන්න. මෙම මිශ්‍රණය බොහෝ වේලාවක් තබා ගැනීම සුදුසු නොවේ. සාදා ගත් විගස අඩු ගින්දරෙ බැඳගෙන නැවත බදින්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
