පරිප්පු එලවලු සමග ආටා රොටි

අවශ්‍ය ද්‍රවය
- ආටා පිටි 250g,
- පරිප්පු අඩුකොප්ප 1/2,
- හීනියට කපාගත් කැරට්, ලූනුකොල, මාලුමිරිස්, දබල, ගෝවා මල්, ගෝවා මේ එලවලු වලින් චුට්ට චුට්ට,
- චොප් කරපු සුදුලූනු,
- අබ,
- සූදුරු,
- පොල්තෙල්
සාදන ක්‍රමය
- මුලින්ම පරිප්පු ටික බෙරි වෙන්න තම්බගන්න.ඒක පැත්තකින් තියලා සාස්පානක් ලිපෙ තියලා ඒක රත් උනාම ඒකට තෙල් ටිකක් දාලාරත් වෙනකොට එකට අබ සූදුරු දාන්න. ඒවා පිපිරුනාම ඒකට සුදුලූනු ටික දාන්න.
- ඒ ටික බදෙනකොට තම්බපු පරිප්පු ටික දාලා ඒකට ලුනු,ගම්බිරිස් ,තුනපහ දාලා කලවම් කර කපාගත් එලවලු ටික දාලා වතුර එලවලු මට්ටමට දාලා පියනකින් වහලා හින්දවා ගන්න.
- ලිපවහලාඉටපස්සෙඑකටආටාපිටිටිකටිකදදාකලවම්කරන්න. ඉටපස්සෙ අතින් හොදින් අනා ගෙන බෝල හදලා රොටි හදනවා වගේ තුනී කරලා පුච්ච ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
