නූඩ්ල්ස් විත් ප්‍රෝන්ස්

May 24, 2023by iwumphihum_ad0
80-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • නූඩ්ල්ස්  500g,
  • ඉස්සන් 200g (පොතු ඉවත් කරන ලද ),
  • කැරට් 100g (සිහින්ව ලියාගත්  ),
  • ගෝවා 100g (සිහින්ව ලියාගත්),
  • සිහින්ව ලියාගත්  බිළුණු ගොඩි 02ක්,
  • සිහින්ව ලියාගත්  සුදුලුනු  ගොඩි  02ක්,
  • ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වලපයක්,
  • සොයා සෝස්  සහ සේසමි ඔයිල් (තල තෙල්),
  • එළවලු තෙල් ස්වලපයක්.ඉගුරු,
  • බටර් මේස හැදී  02ක්

සාදන ක්‍රමය

  • පළමුව භාජනයක් ලිප තබා  වතුර එකතු කර වතුර උතුරනවිට  එයට බටර් හො තෙල් ස්වල්පයක් දමා  හොදින්බොයිල් වීමට හරින්න , ඉන් අනතුරුව  එයට පිළියෙළ කරගත් නූඩ්ල්ස් එකතු කර විනාඩි 05 පමණ  තම්බා ගන්න.
  • අනතුරුව  එය වෙනත් භජනයකට පෙරා ගන්න , ඉන් පසු එය නැවත සිතල වතුරෙන් පෙරා ගන්න.
  • ඉන් පසු භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර  තෙල් රත්වූ පසු  සිහින්ව කපාගත් ඉස්සන් එකතු කරගන්න . 
  • මද වෙලාවක් රන් පැහැය එනතුරු  බැදගන්න.දැන් එයට බිලූ , සුදුලුනු , ඉගුරු . එකතු කරමින් මද වෙලාවක් පිස ගන්න. 
  • අනතුරුව එයට කැරට්, සහ සොයා සෝස්  සුප් කැට 01 ක්දමා විනාඩි කීපයක් පිසගෙන නූඩ්ල්ස් එකතු කර  හොදින් කලවම් කරගන්න .
  • ඉන් අනතුරුව ගෝවා එකතු කරමින්  තලතෙල් ස්වල්පයක් එකතු කරමින් රසය පරිදි ලුණුද, ගම්මිරිස්කුඩුද , ඔබට අවශ්‍යනම් චිලිපේස්ට් ස්වල්පයක් එකතු කරමින්  ලිපෙන් ඉවතට ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!