දැල්ලන් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය
- දැල්ලන් ග්‍රෑම් 250 යි,
- තුනපහ කුඩු,
- ගම්මිරිස් කුඩු,
- රතු ළූණු ග්‍රෑම් 50 යි,
- අමු මිරිස් කරල් 2 යි,
- රම්පෙ, කරපිංචා,
- සුදු ළූණු බික් 2 යි,
- අමු ඉඟුරු කැබැල්ලක්,
- තක්කාලි ගෙඩි 2 යි,
- ලුණු ස්වල්පයක්,
- කහ ස්වල්පයක්,
- පොල් බෑවක කිරි,
- දෙහි යුෂ
සාදන ක්‍රමය
- දැල්ලන් හොඳින් සෝදා කපාගන්න. රතු ළූණු සහ අමු මිරිස් ලියාගන්න. අමු ඉඟුරු හා සුදු ළූණු ගලේ දමා අඹරාගන්න.
- රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු, තුනපහ හා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු හා තක්කාලි, දියකිරි හා ලුණූ දමා ළිප තබන්න. මද ගින්නේ තැම්බුණ පසු මිරිකිරි දමා ඉස්ම හිඳුන පසු ළිපෙන් ඉවත් කරන්න. ඉන්පසු දෙහි යුෂ ස්වල්පයක් දමාගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
