තෙම්පරාදු බත

අවශ්‍ය ද්‍රව්‍ය
හාල් කෝප්ප 2 ක්,
වතුර කෝප්ප 4ක් ,
ලුණු ස්වල්පයක්,
මාගරින් මේස හැඳි 2ක් ,
ලියා ගත් ලොකු ලූනු ගෙඩි 1ක් ,
රම්පේ කැබැල්ලක්
කරපිංචා ස්වල්පයක් ,
කරද මුංගු 6ක් ,
කුරුඳු කැබැල්ලක් ,
උකු පොල් කිරි 1/4,
කහ කුඩු ස්වල්පයක් ,
රෝස් එසන්ස් බිංදු 3 ක්
සාදන ක්‍රමය
- හාල් සෝදා වතුර හා ලුණු දමා උයාගන්න. සාස්පානකට තෙල් හෝ මාගරින් රත්කරන්න .
- රතු තෙලට ලූනු දමා බැදගන්න.එයටම රම්පෙ කරපිංචා කුරුඳු කරදමුංගු දමා විනාඩි දෙකක් බදින්න .උයා ගත් බත් දමා කලවම් කරන්න .
- උකු පොල් කිරි වලට කහ ස්වල්පයක් සහ රෝස් එසන්ස් බිංදු ස්වල්පයක් කලවම් කර බත උඩින් පියන වසා විනාඩි පහකට පසු හොඳින් කලවම් කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
