ඥානකතා

අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි 250g,
- සීනි 120g,
- බටර් 50g,
- බිත්තර 1,
- බේකින් පව්ඩර් තේ හැදි 2,
- වැනිලා තේ හැදි 1,
- ලුණු තේ හැදි 1/4,
- උඩින් තවරා ගැනීමට කැට සීනි
සාදන ක්‍රමය
- බටර් හා සීනී බීට් කරන්න.
- බිත්තරයද එකතු කර හොඳින් බීට් කරගන්න වැනිලාද එකතු කරන්න .
- පිටි බේකින් පව්ඩර් සමග මිශ්‍ර කර හලා ගන්න.
- පිටි ටික බිත්තර් මිශ්‍රණයට එකතු කරන්න.
- පසුව අතින් කවලම් කර පිටි ගුලියක් සදා ගන්න. ඉන් පසු පොඩි පිටි බෝල හදා ගන්න.
- එක සමාන කොටස් 6ක් පමන වෙන්කර ගන්න.
- ඒවා අතින් රවුම් කර පැත්ලි ඤාණකතා හැඩයට තුනී කරගත් බෝල බේකින් ට්‍රේ එකක් මත බටර් හෝ තෙල් ටිකක් ගාගෙන අතුරාගනන් ( තෙල් කොලයක් තිබේනම් ඒක් මත තබන්න.)
- පසුව ඤාණකතා මතු පිට වතුර් ටිකක් ආලේප කර සීනි කැට තවරා ගන්න.
- අනතුරුව 180°C ප්‍රමාණයට ෆ්‍රී හීට් කරගත් අවන් එකේ විනාඩි 20ක් 25ක් බේක් කර ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
