චොකලට් බ්‍රව්නි

අවශ්‍ය ද්‍රව්‍ය
- ඩාර්ක් චොකලට් 825 g,
- බටර් 675 g,
- පිටි 225 g,
- බේකින් පවුඩර් 9 g,
- සීනි 675 g,
- බිත්තර 450 g
සාදන ක්‍රමය
- මුලින් සීනි සහ බිත්තර හොඳින් බීට් කරගන්න.(සීනි දියවී හොඳින් පෙන නගින තුරු)
- ඒ සමගම බටර් ටිකත් ගෙන ඩබල් බොයිල් ක්‍රමයට බටර් දියවෙන තුරු බොයිල් කර එයට චොකලට් ටික දමා හොඳින් දියවෙනතුරු කලවම් කර ගන්න.
- පිටි ටික සහ බේකින් පවුඩර් ටික එකට දමා පැත්තකින් තබා ගන්න.
- දැන් බිත්තර සහ සිනි මිශ්‍රණය ගෙන එයට චොකලට් මිශ්‍රණය දමා අතින් කලවම් කරන්න.
- එලෙසම එයට පිටි මිශ්‍රනයද දමා කලවම් කර ගන්න.
- බේකින් ට්‍රේ එකකට බටර් ගාගෙන පිටි ස්වල්පයක් ඉස සාදා ගත් මිශ්‍රණය එයට දමා ගෙන 160 C විනාඩි 25ත් 30ත් අතර බේක් කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
