චයිනීස් චිකන් වින්ස්

June 1, 2023by iwumphihum_ad0
51.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් වින්ස් 900g,
  • බොම්බයි ලූණු ගෙඩි 1,
  • බිත්තර 1,
  • සෝයාසෝස් මේසහැදි 3,
  • ඔයිස්ට සෝස් මේසහැදි 4,
  • බාබක්‍යු සෝස් මේසහැදි 2,
  • ටොමෑටෝ කෙචප් මේසහැදි 3,
  • කෝන් පිටි මේසහැදි 1,
  • පාස්ලි අතු 5-6,
  • සුදුලූණු බික් 5,
  • අගලක පමණ ඉගුරු කැබැල්ලක්,
  • කෑලිමිරිස් මේසහැදි 1,
  • තෙල් මේසහැදි 1 1/2,
  • වතුර කප් 1/2,
  • ලුනු

සාදන ක්‍රමය

  • මුලින්ම මස්ටික හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසු සුදුලූණු ගා ඉගුරු ටික ග්ලයින්ඩ කරගන්න. දැන් තරමක් ලොකු වීදුරු බෝල් එකක් ගෙන එයට මස්ටික දමන්න. 
  • පසුව එයට ග්ලයින්ඩ කරගත් සුදුලූණු ඉගුරු , සෝයාසෝස් , ඔයිස්ට සෝස් , කෑලිමිරිස්, යන්තම් බීට් කරගත් බිත්තර හා කෝන් පිටි දමා හොඳින් කළවම් කර විනාඩි 30 පමණ තබන්න. 
  • දැන් පෑන් එකක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත්වූ පසු හීනියට කපාගත් බොම්බයිලූණු එක්කරන්න. බොම්බයි ලූණු ටික තැම්බීගෙන එන විට එයට මස් මිශ්‍ර දමා පසුව වතුර එක්කර මස්ටික තැම්බෙන තෙක් පියනකින් වසා පිස ගන්න.
  • පසුවපියනඉවත්කරහොදටමතික්ග්‍රේවීඑකක්වූපසුටොමෑටෝකෙචප්එක්කරහොඳින්කළවම්කරන්න. තවත් විනාඩියක් පමණ පිස ලිපෙන් ඉවතට ගැනීමට ප්‍රථමයෙන් පොඩි කපාගත් පාස්ලි ටික එක්ක හොඳින් කළවම් කර ලිපෙන් ඉවතට ගෙන දැන් ඔබ කැමති ආකාරය පිළිගන්වන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!