ගුලාබ් ජමුන්

අවශ්‍ය ද්‍රව්‍ය
- කිරිපිටි කෝප්ප 2,
- පාන්පිටි තේ හැඳි 4,
- රුලං තේ හැඳි 4,
- බිත්තර 1,
- බේකින් පව්ඩර් තේ හැඳි 4,
සීනි සිරප් එකට,
- සීනි කෝප්ප 2,
- කුරුදුපොතු කෑල්ලක්,
- වතුර කෝප්ප 2,
- එනසාල් ඇටයක්
සාදන ක්‍රමය
- බිත්තරය හොඳට බීට් කරගන්න. ඊළඟට පාන්පිටි, රුලං, කිරිපිටි කලවම් කරලා බීට් කරගත් බිත්තරය දාගන්න. ඩෝ එක අනාගන්න අවශ්‍ය නම් කිරි ටිකකුත් එකතු කරගන්න.
- ඩෝ එක හදලා පොඩි බෝල හදාගන්න. ගී ඔයිල් ලිපේ තියලා අඩු ගින්දරේ මේ බෝල ටික බැදගන්න.
- භාජනයකට සීනි සිරප් එකට ඕන ඔක්කොම දාලා නූල් ඇදෙන පදමට උණුකරගෙන ගුලාබ් ජමුන් ටික දාලා හොඳට සිරප් එක උරාගන්න තියන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
