කොෆ්ටා ඉන් ටුමාටෝ සොස්

අවශ්‍ය ද්‍රව්‍ය
හතර දෙනෙක් සඳහා ,
අඹරාගත් බැටලු මස් ග්‍රෑම් 500 යි
කුඩා වට චොප් කරන ලද බී ළූණු ග්‍රෑම් 50 යි
ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු රස පදමට ,
කුඩාවට චොප් කරන ලද පාස්ලි මේ හැඳි 2 ක් ,
කර සූදුරු ඇට මේ සැදී 2 ක්,
මිරිස් කුඩු තේ හැඳි 1 ක්,
සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2 ක්
සාදන ක්‍රමය
- අඹරාගත් මත් මාත් සමග සඳහන් කළ සියලුම ද්‍රව්‍ය එකට එක්කර එහි රස පදමට ලුණු, ගම්මිරිස් ද එක්කර එක් කර හොඳට කලවම් කරගන්න. මෙය ඔබ කැමති හැඩයකට කේක් එකක් ලෙස සාදා ගන්න .
- දැන් හොඳට රත් වූ ඩ්‍රිල් එකක් මත තබා එක පැත්තක් විනාඩි දෙකක් අතර කාලයක් නැවත අනෙක් පැත්ත හරවා ඉහත කාලයම පිස දුඹුරු පැහැයට හැරුන පසු බා ගන්න.
- මෙය නැවතත් තක්කාලි සෝස් එක මත බහා විනාඩි දහයක් පමණ කාලයක් පිස අරාබි පතක් හෝ අරාබි පාන් සමඟ උණුසුම්ව කෑම මේසයට යවන්න.
