කොළපාට බත

අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් ග්‍රෑම් 500 ක්
- ලීක්ස් ග්‍රෑම් 500 ක්
- අමු තුන පහ කුඩු තේ හැදි එකක්
- රස අනුව ලුණු
- කරපිංචා කොළ ටිකක් තක්කාලි ගෙඩියක්
- සුදු ලූණු බික් දෙකක් කහ ටිකක්
- මාගරින් මේස හැදි 2 ක්
සාදන ක්‍රමය
- හාල් ගරා සෝදා බත් පිසින ලීක්ස් ගස් හොඳින් සෝදා එහි සුදු කොටස වෙනම සිහින ලියන්න.
- ලීක්ස් හැකි කොටස සිහින්ව දිග අතට ලියන්න කරපිංචා කොළ ටික සිහින කපන්න. තක්කාලි ගෙඩිය කුඩා කැබලිවලට කපන්න.බඳුනක් ගෙන එයට මාජරින් දමා රත් කරන්න.
- එය රත්වන විට වන විට ලියා ගත් සුදුළූණු හා ලියා ගත් ලීක්ස් ගසේ සුදු කොටස දමා බැදෙන්නට හරින්න.
- එයට කහ සහ තුනපහ කුඩු දමන්න. ඒ හොඳින් තෙම්පරාදු පසු පිසගත් බත් සහ සුදු ලූණු දමා කවලම් කරන්න. ඉන්පසූ කපාගත් ලීක්ස් වතුර එක්කර කවලම් කර විනාඩියක් පමණ තබා ලිපෙන් ඉවතට ගන්න .
