කොස් කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය
- හීනියට කපා තම්බාගත් කොස්,
- කපාගත් කැරට්,
- කපාගත් ලීක්ස්,
- කපාගත් ළූණු,
- තලාගත් ඉඟුරු සුදු ළූණු,
- කරපිංචා කොළ ටිකක්,
- කෑලි මිරිස්,
- සෝයා සෝස් ටිකක්,
- සකසාගත් තක්කාලි හොද්දක්
සාදන ක්‍රමය
- තෙල් ටිකක් රත් වෙන්න හැර ඒකට කරපිංචා, ඉඟුරු සුදු ළූණු එක් කරගෙන තෙම්පරාදු කරගන්න. එයටම ළූණු සහ කැරට් එක් කර තෙම්පරාදු වෙන්නට හරින්න.
- එයට කෑලි මිරිස් සහ සෝයා සෝස් එක් කරගෙන, එයටම තක්කාලි හොද්ද අවශ්‍ය පමණ එක් කර, හොඳින් කලවම් කරගෙන ලීක්ස් සහ තම්බා ගත් කොස් එක් කර කලවම් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
