කෙසෙල්මුව කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය
- කෙසෙල්මුව,
- බිත්තර 1,
- බිස්කට් කුඩු,
- කෝන් පිටි තේ හැදි 2,
- ලුනු,
- කහ,
- ගම්මිරිස්
සාදන ක්‍රමය
- මුලින්ම බිත්තර මිශ්‍ර තැවරුම හදාගමු. බිත්තර, කෝන්පිටි, ලුනු, ගම්මිරිස් කුඩු එකතුකර හොදින් මිශ්‍ර කරන්න.
- දැන් කෙසෙල්මුව සිහින්ව රවුම් හැඩයට කපාගන්න. කපාගත් කෙසෙල්මුව කහට පිපෙන නිසා කහ මිශ්‍ර වතුරට දමා ගන්න.
- ඉන්පසුව වතුර ඉවත් කර කපා ගත් කෙසෙල්මුව රවුම්වලට ලුනු කුඩු ටිකක් මිශ්‍ර කරගන්න. පසුව කෙසෙල්මුව, බිත්තර මිශ්‍රයේ තවරා බිස්කට් කුඩුවල දවටා ගන්න.
- දැන් ගැඹුරු තෙලේ බැදගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
