කුකුල් මස් සමග කජු තෙල්දාලා

අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත කුකුල්මස් 600g,
- කජු 200g,
- බොම්බයිලූණු ගෙඩි 1,
- තක්කාලි ගෙඩි 1,
- අමුමිරිස් කරල් 3,
- කොළ බෙල්පෙපර් කැබැල්ලක්,
- කහ බෙල්පෙපර් කැබැල්ලක්,
- තැබිලි බෙල්පෙපර් කැබැල්ලක්,
- සුදුලූණු බික් 5,
- අගලක පමණ ඉගුරු කැබැල්ලක්,
- කරදමුංගු 4,
- කරාබුනැට් 3,
- අගලක පමණ කුරුදු කැබලි 2,
- කෑලිමිරිස් මේසහැදි තේහැදි 2,
- ගම්මිරිස්කුඩු තේහැදි 1/2,
- සුදු විනාකිරි තේහැදි 1/2,
- තෙල් මේසහැදි 2,
- කරපිංචා,
- ලුනු රස අනුව,
- වතුර
සාදන ක්‍රමය
- මුලින්ම මස් හොඳින් පිරිසිදු කර කැබලි කපාගන්න. දැන් ලුනු , ගම්මිරිස් ,විනාකිරි හා වතුර එක්කර දමා තම්බා ගන්න.
- දැන්පෑන්එකේප්ර්යි (pan fry) කරගන්න. කජු ටික පැයක් පමණ පෙගෙන්නට තියන්න.වොක් එකක් ලිප තබා එයට තෙල් මේසහැදි 2 දමා තෙල් රත්වූ පසු එයට කරපිංචා ටික දමා කරපිංචා ටික බැදීගෙන එන විට එයට කරදමුංගු , කරාබුනැට් හා කුරුදු දමා ටික දමා එයද යන්තම් බැද ගන්න.
- පසුව තලාගත් සුදුලූණු හා ඉගුරු එක්කර එය රන්වන් පැහැ වෙනතෙක් පිස එයට හීනියට කපාගත් බොම්බයිලූණු එක්කරන්න.
- බොම්බයිලූණු ටික යන්තම් රන්වන් පැහැ ගැන්වීගෙන එන විට එයට අමුමිරිස් , කෑලිමිරිස් හා ලුනු දමා හොඳින් කළවම් කරමින් තත්පර 10 පමණ පිස එයට කපාගත් තක්කාලි එක්කර තක්කාලි ටික තැම්බෙන තෙක් පිස ගන්න . (පසුව පෙගෙන්නට තිබූ කජු එකේ වතුර සම්පූර්ණයෙන්ම ඉවත්කර )එයට කජු එක්කර හැන්දෙන් කළවම් කරමින් විනාඩියක් පමණ පිසගන්න.
- පසුව එයට පෑන් එකේ ප්ර්යි කර පසෙකින් තබාගත් මස් ටික එක්කර හොඳින් කළවම් කරන ගමන් තවත් විනාඩියක් පමණ පිස ගන්න දැන් කැබලි කපාගත් බෙල්පෙපර් එක්කර හොඳින් කළවම් කර ලිපෙන් ඉවතට ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
