කිසස්

අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 5 යි (සුදු මදය පමනක්),
- සීනි ග්‍රෑම් 200 යි,
- වැනිලා ස්වල්පයක්,
- නොසල් එකක්,
- (නොසල් එකක් නැතිනම් හැන්දක් හෝ තෙල් කඩදාසියකින් සාදා ගත් ගොටුවක් භාවිතා කරන්න.)
සාදන ක්‍රමය
- මුලින්ම බිත්තර සුදු මද (කහ මදය නොගෑවෙන සේ ඉවත් කර ගන්න) දීසියකට දමා බීටරයකින් හිම මෙන් පෙණ නගින තුරු ගසාගන්න.(බීට් කරන්න)[ඔබ හොදින් බීට් කර ඇත්නම් භාජනය අනික් පැත්ත හැරෙව්වත් මිශ්‍රනය නොසැලේ.]
- ඊටම සීනි ටික ටික එකතු කරමින් ගසාගන්න. වැනිලා ස්වල්පයක්ද එකතු කරන්න.
- ඔබට අවශ්‍ය නම් මෙයට ඔබ කැමති වර්න රසකාරකයක් (කලරින්) එකතුකර ගත හැක.
- දැන් තෙල් කඩදාසියක් තැටියක අතුරා එහි බටර් සුවල්පයක් ගාගන්න.
- ඒ මත නොසල් එකක් ආධාරයෙන් සාදා ගත් මිශ්‍රණයෙන් ටික ටික ඇතින් සිටින සේ වක්කරන්න.
- මෙය සාමාන්‍ය උෂ්ණත්වය ඇති පෝරණුවක විනාඩි 15 පමන පුළුස්සාගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
