කිරි බත්

අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු කිලෝ 1 ක්
- වතුර කෝප්ප 8 ක්
- මිටිකිරි කෝප්ප 4 ක්
- ලුණු අවශ්‍ය පරිදි
සාදන ක්‍රමය
- හාල් ගරා සෝදා නියමිත ප්‍රමාණයට වතුර දමා ලිප තබන්න .
- තද ගින්දර දමා වතුර උතුරන විට මදගින්නේ උයනවා. බඳුන වැසීමට ද සිහි තබා ගන්න.
- බඳුනේ වතුර සිඳී ගෙන එන විට ලුණු එක් කළ කිරි එයට දමන්න. මිනිත්තු හතරක් හෝ පහක් මදගින්නේ කලවම් කරමින් තබා පසුව ළිපෙන් ලිපෙන් ඉවත් කර කැමති ආකාරයකට කැබලි කපා ගන්න.
