කරවිල මාලුව

අවශ්‍ය ද්‍රව්‍ය
- කරවිල 500g,
- තක්කාලි ගෙඩි 2ක් ,
- රටලූණූ ගෙඩියක් ,
- සුදු ලූණු ගෙඩි දෙකක බික්,
- මිරිස් කුඩු මේස හැන්දක්,
- කහ කුඩු තේ හැන්දක් ,
- තුනපහ කුඩු මේස හැන්දක් ,
- කලු කුඩු තේ හැන්දක් ,
- අමුමිරිස් කරල් 5ක් ,
- රම්පා කරපිංචා ,
- සියබලා ඉස්ම මේස හැදි 3ක් 4ක්,
- පොල් කිරි කෝප්ප 2ක් 3ක් ,
- තෙල් ස්වල්පයක්,
- අවශ්‍ය ප්‍රමාණයට ලුනු ,
- සියලුම පහේ ටික ලෑස්ති කරගන්න,
- සුදු ලූණු ගෙඩි පිටින් ගන්න
සාදන ක්‍රමය
- කරවිල හොඳින් සෝදා අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න මෙය භාජනයකට වතුර් දමා (එයට කහා සහ ලුණු කුඩු දමා ගන්න ) එයට දමා ගන්න.
- මැටි වලදක් ලිපේ තබා එයට තෙල් දමාගන්න තෙල් රත් වූ පසු එයට ලූණු දමන්න මදක් රන් වන් පාට වීගෙන එඅන් විට අමුමිරිස් රම්පා කරපිංචා දමාගන්න.
- සුදු ලූණු ගෙඩි ටිකද දමන්න. මදක් ශෝටේ කර එයට තක්කාලි දමන්න.
- ටිකක් තෙලෙන් බැදගෙන එයට මිරිස් තුනපහ කහ එක් කරන්න . දැන් වතුරෙන් බේරා කරවිල එක් කර කවලම් කරන්න
- සියබලා සහා ලුනු එක්කරන්න . නැවත මිශ්‍ර කර එයට කිරි එකතු කරන්න .
- හොඳින් මිශ්‍ර කර මද ගින්නේ පිස ගන්න.
- අවශ්‍ය නම් ලුනු එක් කරන්න . ගොඩාක් තම්බන්නෙපා.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
