කන්කුන් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය
- නොමේරූ කන්කුන් මිටි 1 යි,
- රතුළූණු ගෙඩි 10 යි (තීරු කපාගන්න),
- අමු මිරිස් කරල් 3 යි (සිහින්ව ලියාගන්න),
- කහ ස්වල්පයක්,
- ලුණු ස්වල්පයක්,
- මිරිස් කුඩු තේ හැඳි 1 යි,
- උම්බලකඩ කුඩු මේස හැඳි 1 යි,
- වතුර කෝප්ප 1/2 යි,
- තෙල් ස්වල්පයක්
සාදන ක්‍රමය
- කන්කුන් කුඩා තරමක් කුඩා කර කපාගන්න. කපාගත් කන්කුන් රතුළූණු, අමු මිරිස්, ලුණු, කහ, මිරිස් කුඩු, උම්බලකඩ කුඩු සමග අනාගන්න.
- සියල්ල ඇතිළීයකට දමා වතුර කෝප්ප 1/2 ක් එකතු කරමින් හොඳින් පිසගන්න. පසුව ඇතිළියකට තෙල් දමා රත්වූ පස් එම තෙලට කලින් පිසගත් කන්කුන් එකතු කර තෙම්පරාදු කරගන්න.
ඔබට මෙය මෙසේද හැදිය හැක
- තෙල් ටිකක් ලිප තබා කපාගත් කන්කුන් රතුළූණු, අමු මිරිස්, කහ, මිරිස් කුඩු, උම්බලකඩ කුඩු සමග අනාගත් සියල්ල තෙලෙන් ස්වල්ප මොහොතක් තම්බා එයට වතුර කෝප්ප භාගයක් හෝ කාලක් දමා පිස ගන්න. යන්තම් ඉස්ම හිදීගෙන එනවිට ලුණු බලා ලිපෙන් බා ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
