කතුරුමුරුංගා මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය
- කතුරුමුරුංගා කොළ,
- රතුළූණු,
- අමුමිරිස්,
- ගාගත් පොල්,
- උම්බලකඩ,
- ලුණු,
- තෙල්
සාදන ක්‍රමය
- කොළ ටික හොඳින් හෝදලා වතුර බේරුණාට පස්සේ හීනියට ලියාගන්න ඕනි (පෑනෙන් නෙවේ පිහියෙන්). ඒකට කපාගත්තු රතුළූණුයි අමුමිරිසුයි උම්බලකඩයි එකතු කරනවා.
- ඊට පස්සේ පෑන් එකක් අරන් තෙල් චුට්ටම චුට්ටක් දාලා, රත්වෙනකොට ඒකට ගාගත්තු පොලුයි ලුණුයි දාන්න තියෙන්නේ. පොල් ටික මැලවේගෙන එනකොටම අපේ කොළ මිශ්‍රණය දාලා මද ගින්නේ මලවගන්න.
- රහ වැඩි කරන්න කහ කුඩු චුට්ටකුයි කුරුඳු කුඩුයි එකතු කරන්න පුළුවන්.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
