එළුමස් කරිය Mutton Curry

අවශ්‍ය ද්‍රව්‍ය
- එළුමස් 500g,
- සිහින්ව කපාගත් රටළුණු ගෙඩියක්,
- තලාගත් ඉඟුරු, සුදු ළුණු,
- කරපිංචා,
- රම්පා,
- අමු මිරිස් ,
- සේර ,
- කුරුඳු පොත්තක් ,
- තලාගත් එනසාල් කරල් 2-3ක් ,
- කරාඹු නැටි 3ක්,
- බැදපු මිරිස් කුඩු මේස හැඳි 2ක්,
- බැදපු තුනපහ මේස හැන්දක්,
- අමු තුනපහ තේ හැන්දක් ,
- කහ තේ හැන්දක් ,
- ගම්මිරිස් කුඩු තේ හැන්දක් ,
- දුඹුරු සීනි තේ හැඳි බාගයක් ,
- ලුණු රස පදමට ,
- මිටි පොල් කිරි මේස හැඳි 3ක්,
- පොල් තෙල් මේස හැඳි 2ක්,
- වතුර ,
- සියඹලා ඉස්ම මේස හැඳි 2ක්
සාදන ක්‍රමය
- එළුමස් ටිකට බැදපු මිරිස් කුඩු, බැදපු තුනපහ, කහ සහ ලුණු තේ හැන්දක් එකතු කර හොඳින් කවලම් කරගන්න. මැටි ඇතිලියක් ලිපේ තියල ඒකට තෙල් එකතු කරන්න.
- රත් වෙනකොට කුරුඳු, එනසාල්, කරාඹු නැටි, අමු තුනපහ, ගම්මිරිස්, සීනි සහ ලුණු තේ හැඳි බාගයක් එකතු කරලා බැදෙන්න තියන්න. ඊට පස්සෙ ඒකට රටළුණු, ඉඟුරු සුදු ළුණු පේස්ට් එක, සේර, අමු මිරිස්, කරපිංචා, රම්පා එකතු කරලා කලවම් කරගන්න.
- ඒ ටිකත් බැදුනම එළුමස් ටික, මිටි පොල් කිරි ටික දාගන්න. විනාඩි 2ක් විතර කලවම් කරලා වැහෙන ප්‍රමාණයට වතුර දාලා විනාඩි 15ක් මද ගින්නේ උයා ගන්න.
- ඊලගට සියඹලා ඉස්ම සහ රස පදමට ලුණු එකතු කරලා තවත් විනාඩි 5ක් පියන ඇරලා උයා ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
