එළවළු බත්

May 24, 2023by iwumphihum_ad0
81.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සම්බා 01kg,
  • එළවලු   තෙල් ස්වල්පයක්  ,
  • සිහින්ව ලියාගත්   කැරට් 100g,
  • සිහින්ව  ලියාගත් ලිස් කොළ 100g,
  • සිහින්ව ලියාගත් සුදුළුනු බික් 02,
  • සුප් කැට  01,
  • රස පරිදි ලුණු,
  • සොයාසෝස් මේස හැදී 02,
  • තල තෙල් තේ හැදී 1/2,
  • එන්සාහල්  කරල්  03,
  • සිහින්ව  ලියාගත්  ඉගුරු  කැබැල්ලක්

සාදන ක්‍රමය

  • පළමුව සහල් හොදින් 3 වරක් සෝදා පසෙක තබන්න   ඉන් අනතුරුව  භාජනයක්  ලිප තබා  එයට අවශ්‍ය  පමණ වතුර  එකතු කර මද වෙලාවකින්  එළවළු තෙල් ස්වල්පයක් එයට එකතු කර  වතුර උතුරන විට සෝදා පිළියෙළ  කරගත් සහල්  එකතු කර එන්සහාල් කරල් , සහ ලුණු  දමා  නිවසේ  ඔබ පිසගන්නා ආකාරයට බත  පිස ගන්න  පිස ගත්  බත් වෙනත් භාජනයකට වෙන් කර ගන්න .     
  • අනතුරුව  නැවත භාජනයක් ලිප තබා  රත් වූ පසු එයට එළවලු තෙල් එකතු කර  තෙල් රත්වූ පසු සකසා ගත් සුදුළුණු, ඉගුරු ,එකතු කර   ලිපේ ගින්දර මදක් අඩු කර  ඉන් පසු එයට  කැරට් එකතු කර සුළු වෙලාවක් පිස නැවතත්  එයට සොයා සෝස්  සහ සුප්කැට, ලුණු  එකතු කරගන්න .
  • දැන් ඔබ ලිපේ ගින්දර නිවා විනාඩියකට පසු  සිහින්ව ලියාගත් ලිස් කොළ වලින් භාගයක්  එයට එකතු කර කලවන් කර ගන්න. 
  • ඉන් පසු ඔබ පිස ගත්, බත් තෙම්පරාදු  කරගත් එළවළු සමග හොදින් මිශ්‍ර කරගන්නා  අතරේ ඉතිරි ලිස්කොල ටික කෙමෙන් කෙමෙන්  එයට එකතු කර ගනිමින් හොදින් මිශ්‍ර කර ගන්න .අනතුරුව ඔබට අවශ්‍යනම් පමණක්  චිලීපේස්ට් සමගින්  ආහාරයට  ගන්න . 
  • ඔබට රසය වැඩි කර ගැනීමට  මෙයට  ගම්මිරිස්  කුඩු සහ කැලි මිරිස්  ස්වල්පයක්   එකතු කර ගත හැක ඔබට අවශ්‍යනම්  මෙයට බෝංචි , ගෝවා, එකතු කර ගත හැක  නමුත්  මතක තියාගන්න  ඔබ  බෝංචි ,ගෝවා එකතු කර ගැනීමේදී  රසය, බතේ පැහැය  වෙනස් වීමට පුළුවන් එක නිසා බෝංචි , ගෝවා එකතු කරනවිට   ලිපෙන් ඉවත් කර ගැනීමට විනාඩියකට පෙර  හොදින් මිශ්‍ර කර ලිපෙන් බාගන්න .එසේ පිළියෙළ කර ගන්නා ලද බතක් කැමට ප්‍රිය වෙයි .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!