එළවළු බත්

අවශ්‍ය ද්‍රව්‍ය
- සම්බා සහල් අවශ්‍ය ප්‍රමාණයට ,
- කැරට් ,ලීක්ස්, ගෝවා, බෝංචි ,
- අර්තාපල් ග්‍රෑම් 100 බැගින්,
- අමු ඉස්සන් ග්‍රෑම් 300ක් ,
- වියලි මිදි 25ක් ,
- ගම්බිරිස් කුඩු මේස හැඳි 1 1/2 ක්,
- ලුණු ස්වල්පයක්,
- ලූනු ග්‍රෑම් 250 ක් ,
- එනසාල්, කරාබුනැටි කරල් 3 බැගින් ,
- රම්පෙ,
- කරපිංචා
සාදන ක්‍රමය
- සහල් වල ගල් හා වී පොතු අහුලා සෝදා එයට රම්පේ කෑලි කීපයක්,ලුණු ස්වල්පයක් හා කරදමුංගු එක් කරන්න .
- වතුර දමා බත උයාගන්න .ඉන්පසුව වෙන වෙනම කපාගත් එළවළු සියල්ල හා පොතුහැර ගත් ඉස්සන් කැබලි වලට කපා කපාගන්න.
- ඉන්පසුව දුන්තෙල් ටිකක් ලිපතබා කපාගත් එළවළු වල අමු ගතිය ඉවත් වන තුරු පමණක් බැද වෙන වෙනම ගන්න.
- ඉස්සන් කෑලිද බැදගන්න බැදගන්න දැන් ඉඩ ඇති සාස්පානකට දුන්තෙල් ටික හා ලියාගත් ළූණු, කරපිංචා දමා තෙම්පරාදු කර එයට බත් හා බැදගත් එළවළු හා ඉස්සන් ටික ටික මිශ්‍රකොට කූරු ගාන්න .
- බත හොඳට කලවම් වූ පසු ගම්මිරිස් කුඩු හා ලුණු දමා ලිපෙන් බා දීසියකට බෙදා වියලි මිදි එහි මතුපිට අතුරන්න .
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
