එළවලු රෝල්ස් ශෝටිස්

අවශ්‍ය ද්‍රව්‍ය
- කැරට් 100g ක්,
- ලීක්ස් 100g ක්,
- අර්තාපල් 200g ක්,
- සැල්දිරි 25ක්,
- බෝංචි 100g ක්,
- ළූනු 50g ක් (කුඩාවට කපාගත්),
- තක්කාලි 30gක් (කුඩාවට කපාගත් ),
- පාන් කුඩු 200g ක්,
- පාන් පිටි 100g ක්,
- කරි කුඩු මේස හැඳි 1ක්,
- කහ කුඩු තේ හැදි 1/2ක්,
- මිරිස් කුඩු තේ හැදි 1/4ක්,
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්,
- අමු මිරිස් කරල් 2ක්,
- තෙල් අඬු කෝප්ප 1ක්,
- මිටි කිරි අඩු කෝප්ප 1/2ක්,
- බිත්තර 2ක්,
- තෙල් බෝතලයක්,
- කරපිංචා කිනිත්තක්,
- කුරුදු පොතු කැබැල්ලක්,
- දෙහි ගෙඩියක යුෂ ස්වල්පයක්,
පෑන් කේක් මිශ්‍රණට අවශ්‍ය ද්‍රව්‍ය,
- පිටි 200g ක්,
- බිත්තර 2ක්,
- මාජරින් මේස හැඳි 1ක්,
- පිටි කිරි අඩු කෝප්ප 3ක්,
- ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය
- අර්තාපල් තම්බා පොඩි කර ගන්න.කැරට්, සැල්දිරි, බෝංචි, ලීක්ස් කුඩාවට කපා ගැඹුරු තෙලේ බැද හොඳින් තෙල් මිරිකා හරින්න.
- බඳුනක් ලිප තබා කරි කුඩු, කහ කුඩු ,ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු මදගින්නේ බැදෙන්න හරින්න. එයට තක්කාලි හා මිටිකිරි දමා ඉස්ම හිදෙන තුරු තම්බා ගන්න .
- ඉන් පසු බැදගත් එළවළු තක්කාලි මිටි කිරි මිශ්‍රණය තම්බා පොඩි කරගත් අල සමග දෙහි ස්වල්පයක් මිශ්‍ර කරගන්න.
- පෑන් කේක් සෑදීමට
- බදුනකට පිටි බිත්තර බටර් ලුණු දමා කිරි එකතු කර තරමක් දියාරු පිටි මිශ්‍රණයක් සාදන්න.
- සාස්පානක් ගෙන එයට තෙල් ටිකක් තවරා රත් කර පිටි හැන්ද බැගින් දමා තුනීකර පෑන්කේක් දෙපැත්ත දමා පුළුස්සා ගන්න.
- දැන් පෑන් කේක් එකක් ගෙන එයට සාදාගත් මිශ්‍රණය දමා දෙකොන නමා රෝල් කර සාදාගත් පිටි හා බිත්තර මිශ්‍රණය දමා පාන්කුඩු දවටා ගැඹුරු තෙලේ බැදගන්න .
- දැන් පිළිගන්වන්න.
