ඉට්ලි

අවශ්‍ය ද්‍රව්‍ය
- උඳු ඇට ග්‍රෑම් 500 යක්,
- සහල් කිලෝ 1ක් ,
- බේකින් පවුඩර් ග්‍රෑම් 20ක්,
- ලුණු ස්වල්පයක්,
- ජලය ස්වල්පයක්
සාදන ක්‍රමය
- උදු ඇට සහ සහල් වෙන වෙනම ගෙන පැය 12 ක් පමණ පොඟවා ගන්න. උදුපියලි ඉවත් කරගන්න.
- ජලය ඉතා ස්වල්පයක් එක් කොට උදු ඇට සහල් වෙන වෙනම ඉතා සිහින් අඹරා ගන්න .
- පසුව ඉහත මිශ්‍රණ දෙක සමග මිශ්‍ර කොට පැය හයක් අටක් පසෙක තබා ඉට්ලි තැටියට මිශ්‍රණය එක්කොට තම්බා ගන්න .පසුව උණුසුම්ව චට්නි, සාම්බාරු , අල ව්‍යංජනය සමග පිළිගන්වන්න .
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
