අවන් කල අර්තාපල්

අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක ලොකු අර්තාපල් ගෙඩි දෙකක්,
- එක හා සමාන තරමක කෝටු කැබලි දෙකක්.(chops stick),
- සුදු ලුණු බික් 3ක්,
- කරපිංචා ඉති දෙකක්,
- ගම්මිරිස් කුඩු සුවල්පයක්,
- ලුණු සුවල්පයක්,
- බටර් මේස හැන්දක්,
- සිහින්ව කපා ගත් ලුණු කොළ මේස හැන්දක් පමණ
සාදන ක්‍රමය
- අල හොදින් සෝදා ගන්න ( හොදින් අතුල්ලා සෝදා ගන්න මොකද අල ගෙඩිය හදන්නේ පොත්ත පිටින් නිසා)
- අල ගෙඩි වල පොඩි තීරුවක් යටින් කපන්න (පෙරලෙන් නැති ලෙස අල ගෙඩිය තියන්න හැකි වෙන්න.
- එක හා සමාන කෝටු කැබලි දෙකක්(chops stick) හෝ.. ලී හැදි මිටි දෙකක් අතර මැදින් අල ගෙඩිය තබා හීනියට එක කොනක සිට අනෙත් කොනට සිහින් තීරු කපා ගෙන යන්න. (වෙන් වෙන්නට කපන්න එපා.)
- (ලී කෑලි දෙකක් මත රදවා කැපීමෙන් බලාපොරොත්තු වෙන්නේ අල ගෙඩිය වෙන් නොවෙන්න එක හා සමානව කපා ගැනීමයි.)
- මෙසේ කපා ගත් අල ගෙඩි දෙක අවන් කල හැකි තැටියක් මත තබන්න.
- දැන් වෙනම භාජනයක් ලිප තබා එයට එළවළු තෙල් හෝ ඔලිව් තෙල් මේස හැදි 4ක් දමන්න.
- එයට සිහින්ව කපා ගත් සුදු ලුණු ගෙඩි 3ක්, කරපිංචා ඉති දෙකක් දමන්න, තෙල් හොදින් රත් වී සුදු ලුණු දුබුරු පැහැ වී, කරපිංචා ඉති බැදෙන කොට කර පිංචා ඉති ටික ඉවත් කර සුදු ලුණු සමග තෙල් ටික තීරු කපා ගත් අල ගෙඩි මතට වක් කරන්න.(මෙය හොදින් අල තීරු අතරය වදින දේ වක්කරන්න)
- ගම්මිරිස් කුඩු තේ හැදි භාගයක් පමණ අල තීරු ඇතුළතට වදින සේ ඉස ගන්න.
- මෙය 350 F හෝ 180C උශෟණත්වයකින් යුතු අවන් එකක් තුළ විනාඩි 60 ක කාලයක් බේක් කර ගන්න.
- දැන් කලින් සුදු ලුණු බැදගත් භාජනයටම බටර් මේස හැන්දක් දමා දිය කර ගන්න.
- සාදා ගත් එම බටර් තෙල් ටික අවන් එකෙන් එළියට ගත් අල මත හොදින් තවරන්න.
- සාදා ගත් අල ටික දීසියක් මත තබා සරසා ගැනීමට හීනියට කපා ගත් ලුණු කොළ ටිකක් ඉස උණූ උණුවේම කෑම මේසයට යවන්න.
