අල හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය
- අල ග්‍රෑම් 400 යි (පොතු ඉවත් කර කුට්ටි කපාගන්න),
- උම්බලකඩ කුඩු මේස හැඳි 1 යි,
- කහ ස්වල්පයක්,
- රම්පෙ, කරපිංචා,
- කපාගත් අමුමිරිස් කරලක්,
- උළු හාල් ස්වල්පයක්,
- පොල් බෑයක මිටිකිරි හා දියකිරි,
- රතු ළූණු ගෙඩි 6 යි. (සිහින්ව ලියාගන්න),
- ලූණු අවශ්‍ය පමණ
සාදන ක්‍රමය
- කපාගත් අමුමිරිස් කරල, රම්පෙ, කරපිංචා කුඩාවට කපාගෙන ඇතිළියකට දමන්න.
- ඊට උම්බලකඩ, උළු හාල් ස්වල්පයක්, රතුළූණු සහ කහ එක් කරන්න. ඊලඟට අල කැබලි දමා ඒවා වැසෙන තෙක් කිරි වර්ග දෙකම වත්කරන්න. ඔබේ රස අනුව ලුණුද එකතු කර ගන්න.
- සුවඳ හමන තුරු හා අල තැම්බෙන තුරු හොද්ද පිස ගන්න. හොද්ද උකු වැඩි නම් වතුර ටිකක් එක්කර නටවාගන්න (පිස ගන්න).
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
