අල තෙල් දැමීම

අවශ්‍ය ද්‍රව්‍ය
- අල ග්‍රෑම් 500 යි,
- රතු ළූණු ගෙඩි 8 යි,
- අමු මිරිස් කරල් 4 යි,
- මිරිස් කුඩු මේස හැඳි 2 යි,
- උම්බලකඩ කුඩු මේස හැඳි 2 යි,
- කහ කුඩු සුවල්පයක්,
- රම්පෙ, කරපිංචා,
- පොල් තෙල් මේස හැඳි 1 1/2 යි,
- ලුණු සහ දෙහි
සාදන ක්‍රමය
- අල සෝදා තම්බාගන්න. පසුව පොතු ඉවත්කර කුට්ටි කපාගන්න. රතුළූණු සහ අමු මිරිස් සිහින්ව ලියාගන්න.
- මිරිස් කුඩු, උම්බලකඩ කුඩු, කහ, රම්පෙ, කරපිංචා, ලියාගත් රතුළූණු සහ අමු මිරිස් සමග පදමට ලුණු සහ දෙහි එක්කර අල කැබැලි වල හොඳින් තැවෙරෙන සේ වතුර ස්වල්පයකින් අනාගන්න.
- ඇතිලියකට තෙල් දමා ලිප තබා නටන විට අල මිශ්‍රණය දමා හොඳින් පෙරළමින් සුවඳ හමන තුරු බැදගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
